ජාත්‍යන්තර සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ රැස්වීම කොළඹදී


ජාත්‍යන්තර සැපයුම් හා ද්‍රව්‍ය කළමනාකරණ සංගමයේ (IFPSM) 42 වැනි සංවත්සරය සහ විධායක කමිටු රැස්වීම මෙවර කොළඹදී පැවැත්වීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව ලබන 23 සිට 25 දින දක්වා එහි විධායක කමිටු රැස්වීම සහ 42 වැනි සංවත්සරය හැඳල වත්තල ෆෙගසස් රීෆ් හෝටලයේදී පෙරවරු 9.00 සිට පැවැත්වීමට නියමිතය. 

මෙම සංවත්සර සැමරුමට හා විධායක කමිටු රැස්වීමට අමතරව විවිධ දේශන මෙන්ම වැඩමුළුවද පැවැත්වීමට එහි සංවිධායකයන් තීරණය කර ඇති අතර, ඒ යටතේ තරගකාරී සැපයුම් දාමයක් තුළින් ආර්ථික වර්ධනයක් අත්පත්කර ගැනීම යනුවෙන් විශේෂ වැඩමුළුවක් පැවැත්වෙනු ඇති බවද කියයි.

ශ‍්‍රී ලංකාව වර්තමානයේ අත්පත් කරගෙන ඇති ආර්ථික ප‍්‍රගතිය මෙන්ම රට තුළ සිදුකෙරෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හමුවේ මෙවැනි අන්තර් ජාතික සමුළුවක් ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම තමන් ලැබූ ජයග‍්‍රහණයක් බව එම ආයතනයේ ශ‍්‍රී ලංකා නියෝජිතයෝ පවසති.

 



Recommended Articles