ජයිකා වෙතින් නව කැලණි පාලමක්


පෑලියගොඩ මංසන්ධියෙන් කැලණි ගඟ හරහා නව මංතීරු 6 කින් සමන්විත පාලමක් ඉදිකිරීම සඳහා විශේෂ ණයක් ලබාදීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතන (ජයිකා) ඉදිරිපත්ව සිටින අතර, ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදුවිය.

එම ගිවිසුම සඳහා ජයිකා ශ්‍රී ලංකාහි ජ්‍යෙෂ්ඨ නියෝජිත කියෝෂි අමඩා අත්සන් යෙදූ අතර, මෙරට රජය නියෝජනය කරමින් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා ඒ සඳහා අත්සන් තැබීය.

ජයිකා විසින් ශ්‍රී ලංකාව ලබාදෙන 44 වැනි ණය පැකේජය මෙය වන අතර, ඒ සඳහා බිලියන 45 ක මුදලක් වැයවන බව ඇස්තමේන්තු ගත කර ඇත.

ඡායාරූප- ශමීර රාජපක්ෂ



Recommended Articles