ජනපති පලස්තීන ව්‍යාපාරික ප්‍රජාව හමුවේ


ශ්‍රී ලංකාව හා පලස්තීනය අතර ඒකාබද්ධ ව්‍යාපාරික මණ්ඩලයක් ස්ථාපිත කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බව පලස්තීන පෞද්ගලික අංශ ආයතනයේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් මසූජි මහතා පවසා සිටියේය.

දෙදින නිල චාරිකාවක් සඳහා පලස්තීනයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (7දා) දහවල් පලස්තීන ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් හමුවූ අවස්ථාවේදී මෙම අදහස් දැක්වීම සිදුව තිබේ. ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් පලස්තීන අග්‍රාමාත්‍ය ආචාර්ය රාමි හම්ඩල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

ශ්‍රී ලංකාවට සහ පලස්තීනයට ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඇති ශක්‍යතාව පිළිබඳව මෙහිදී පලස්තීන අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වා තිබිණි. එමෙන්ම, ජනාධිපතිවරයාගේ චාරිකාව දෙරට අතර සහයෝගීතාව වඩාත් වර්ධනය කරගැනීමට ඉවහල් වනු ඇතැයි විශ්වාසය පළ කළ හම්ඩල්ලා මහතා, මේ චාරිකාව වාණිජ සබඳතා සක්‍රීය කිරීමට ඉවහල් වනු ඇතැයිද පවසා තිබිණි.



Recommended Articles