චීන සංචාරකයෝ ලක්ෂය ඉක්මවා දිවයිනට පැමිණේ


ශ්‍රී ලංකාවට 2014 වසරේදී චීනයෙන් සංචාරකයන් 100,000ක් පැමිණීම පසුගියදා සනිටුහන් කළ බව ශ්‍රී ලංකා සංචරණය පවසයි.

ඒ අනුව, ෂැංහායි නුවර සිට මෙරටට පැමිණි හයොන් සහ චෙන් හුයි හුවා යුවළ මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි 100,000 වැනි සංචාරකයෝ බවට පත්වූහ.

චීනයේ ෂැංහායි නුවර බස්රථ මගින් සිදුකරනු ලැබූ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රචාරණය සහ අනෙකුත් ප්‍රචාරක වැඩසටහන් දැකීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කරනලද බව ඔවුහු ප්‍රකාශ කළහ.

චීන සංචාරකයින් 100,000ක් 2014 වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණිමෙන් මෙරටට පැමිණෙන විදේශීය සංචාරක සංයුතිය ඓතිහාසික වෙනසකට ලක්කර ඇති බව පවසන ශ්‍රී ලංකා සංචරණය, 2005 දී 9,668ක් වූ චීන සංචාරකයන් මෙසේ දැවැන්ත වර්ධනයක් පෙන්වන බවත්, මෙවර අගය පසුගිය වසරට සාපේක්ෂව 140෴ ක ප්‍රගතියක් බවත් කියයි.



Recommended Articles