චීන ආයෝජකයන්ට මෙරට විශේෂ කර්මාන්ත කලාපයක්


චීන ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා තිබේ.

එවැනි විශේෂ කර්මාන්ත කලාපයක් මෙරට ස්ථාපිත කරන ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීනයේ ග්වංසි සුඈන්ග් පළාතේ ආයෝජකයන් රැසක් පසුගියදා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව එම අමාත්‍යාංශය පවසයි.

ග්වංසි ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ කර්මාන්ත කලාපයක් ඇති කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බවත්, එමගින් ග්වංසි පළාතේ කර්මාන්ත ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර දකුණු ආසියාතික වෙළෙඳ පොළ වෙත එම නිෂ්පාදන ඉතා ඉක්මනින් අපනයන කිරීමට අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙම නියෝජිත පිරිස හමුවේ පවසා තිබේ.



Recommended Articles