ගෝලීය වත්කමෙන් අඩක් ධන කුවේරයන් 85ක් අතර?


ගෝලීය වත්කම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ලෝකයේ ප්‍රමුඛතම ධන කුවේරයන් 85 දෙනා අතර පවතින බව Oxfam හි නවතම වාර්තාවකින් පෙන්වා දෙයි.

එම ආයතනයේ ‘Working For the Few’ නමැති වාර්තාවට අනුව, සංවර්ධිත හා සංවර්ධනය වන ජාතීන් අතර දිගින් දිගටම පුළුවල් වන ආදායම් බෙදීයාමේ විෂමතාවයෙහි බලපෑම සවිස්තරාත්මකව දක්වමින් මෙම තොරතුරු ඉදිරිපත් කර තිබේ.

එහි පෙන්වාදී තිබෙන්නේ ලෝකයේ ජීවත්වන බොහෝ ප්‍රකෝටිපතියන් තම ධනය වඩා වර්ධනය කරගැනීම සඳහා දේශපාලන බලයද ඈඳා ගන්නා බවයි. ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය අවතක්සේරැවට ලක් කෙරෙන බවත්, ගෝලීය සමස්ත වත්කම්වලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ලෝකයේ ප්‍රමුඛතම ධන කුවේරයන් 85 දෙනෙකු වෙත හිමිවීමක් දැකිය හැකි බවත් කියැවෙයි.

එම වාර්තාවට අනුව, පසුගිය වසර 25ක කාලය තුළ ලෝකයේ වත්කම්වලින් වැඩි ප්‍රමාණයක් ගැවසී තිබෙන්නේ සුළු පිරිසක් අතය. 



Recommended Articles