ගූගල් ස්ට්‍රීට් වීව් ශ්‍රී ලංකාවේ මහා මාර්ගවලට පැමිණෙයි


ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම 'ස්ට්‍රීට් වීව්' (Street View) වැඩසටහන සඳහා මෙරට මහා මාර්ගවල සිට ඡායාරූප ගැනීම හෙට (12දා) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසයි.

මේ පිළිබඳව දැනුම්වත් කරමින් අද (11දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සඳහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඈන් ලීන් මහත්මිය මෙය නිවේදනය කළාය.

ඒ අනුව, අද පටන් විශේෂ කැමරා සවිකළ ගූගල් කාර් රථ මගින් දිවයිනේ විවිධ මාර්ගවල අංශක 360ක ඡායාරූප ගැනීම සිදුකිරීමට නියමිතය. යාපනය, මාතර සහ ආරුගම්බේ යන ප්‍රදේශවලින් ආරම්භ වන මෙය දිගුකාලීන ආයෝජනයක මුල් පියවර වන බවත්, ස්ට්‍රීට් වීව් වැඩසටහන යටතේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ත දිවයිනම ඡායාරූප ගැනීමට කටයුතු කරනු ඇති බවත් එහිදී සඳහන් විය.

ඡායාරූප උපුල් අබේසේකර



Recommended Articles