ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම 2010 දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් ආරම්භ කළ වාර්ෂික නත්තල් වෙළෙඳ සැණකෙළිය මෙවර පස්වැනි වරටත් නව මුහුණුවරකින් ගුවන් තොටුපොළ නත්තල් වෙළෙඳ සැණකෙළිය නමින් දෙසැම්බර් 01 වැනිදා සිට 2015 ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වෙන බව නිවේදනය කරයි.
මෙවර බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මෙන්ම මත්තල ගුවන් තොටුපොළ භාවිත කරන ගුවන් මගීන්ටද මෙම සැණකෙළියේ සජීව අත්දැකීම් විඳ ගැනීමට අවස්ථාව සැලසෙන බවද පැවසෙයි.
ගුවන් තොටුපොළෙහි පැමිණීමේ හා පිටත්වීමේ පර්යන්තයන්හි තීරුබදු රහිත අලෙවිසැල් සමග ඇතිකර ගත් සහයෝගීතාවයෙන් මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන බවත්, එහි තීරුබදු රහිත අලෙවිසැලකින් ඇ.ඩො.10ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුතු මිලදී ගැනීමක් කරනු ලබන සෑම ගුවන් මගියෙකුම මෙම මහා දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබන බවද කියයි.
මෙහි ප්‍රථම ත්‍යාගය ලෙස නවතම චෙරි ජේ3 මෝටර් රථයක් හිමිවන අතර, සෙසු ජයග්‍රාහකයන් සිවු දෙනෙකුට පිළිවෙළින් රු.500,000/- ක්, 250,000/- ක්, 150,000/- ක් සහ රු.100,000/- ක් පිරිනමනු ලබන බවද පෙන්වා දෙයි.