ගුවන් කාලානුගතිකත්වයට ශ්‍රී ලංකන් පැසසුම් ලබයි


ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වසරේදී නියමිත වේලාවට ගුවන් මෙහෙයුම් සිදුකරන ජාත්‍යන්තර ගුවන් සේවා ලැයිස්තුව වෙත ශ්‍රේණිගත වී තිබේ. පසුගිය මාස 5 පුරාවට ගෝලීය ගුවන් දත්ත අධීක්ෂණ ආයතනය මගින් සිදුකළ විශ්ලේෂණය මත මෙම ඇගයුම ගුවන් සමාගම වෙත හිමි වී ඇත.

ගෝලීය ගුවන් දත්ත සේවා සංඛ්‍යානයේ “ 2016  ගෝලීය ගුවන් සේවා පැමිණීම් කාර්ය සාධනය” මගින් මාසිකව ලෝකයේ වැඩිම ගුවන් යානා නියමිත වේලාවට මෙහෙයුම් සඳහා යෙඳවීමේ කාර්ය දර්ශනය සඳහා ගුවන් සේවා 40 ලැයිස්තුගත කරයි. ගෝලීය ගුවන් දත්ත සේවා සංඛ්‍යානය මගින් (Flightstats) ගෝලීය ගුවන් සේවා දත්ත සපයන අතර ගෝලීය වශයෙන් ගුවන් තොටුපළවල් සහ ගුවන් සේවා හි නියමිත වේලාවට මෙහෙයුම් සඳහා යෙඳවීමේ තොරතුරු ලබාගැනීමට ඊට හැකියාව ඇත.



Recommended Articles