ගාලු ලන්දේසි රෝහලේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක්


ගාලු නගරය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ නාගරික සංවර්ධණ අධිකාරිය විසින් ගාලු කොටුවේ පිහිටි ඉපැරණි ලන්දේසි රෝහල සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණයක් ලෙස නවීකරණය කර ඇති අතර, එය ඩනතා අයිතියට පැවරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (20දා) පසුවරුවේ සිදුකෙරිණි.

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මෙහෙයවීමෙන් හා උපදෙස් මත නාගරික සංවර්ධණ අධිකාරය විසින් ක්‍රියාත්මක කර තිබෙන නාගරික සංවර්ධන හා නගර අලංකරණ වැඩසටහන යටතේ මෙම ඉපැරණි ලන්දේසි රෝහල නවීකරණ කිරීම සිදුවිය.



Recommended Articles