ගමත් නගරයත් යා කරන ග්‍රාමීය පාලම් 1,210 වැඩසටහන යටතේ ඉදි කරන පාලම් 1,000ක් ගොඩනැගීමේ වැඩ ඇරඹීම අද (18දා) පෙරවරු 10.40ට දිවයින පුරා දිස්ත්‍රික්ක 20කදී උත්සවාකාරයෙන් ඇරඹුණි.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75%ක් පමණ ජනතාවක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අතර මෙම ග්‍රාමීය පාලම් 1,210ක් ඉදිකිරීමේ වැඩසටහනින් ඉන් ලක්ෂ 60කට ආසන්න ජනතාවකට සෙත සැලසෙන බවත්, මෙම පාලම් 1,000 ලබන වසරේ මුල් භාගයේදී වැඩ නිමකර ජනතා අයිතියට පැවරීමට කටයුතු යොදා ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
නව පාලම් ගොඩනැගීමේ වැඩ ආරම්භ කිරීම සුබ මොහොතින් රට පුරා ස්ථාන 1,000කදී ආරම්භ වූයේ මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු ජනතා නියෝජිතයින් ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.