ගල්ෆ් ඉන්ටෙලිජන්ස් බලශක්ති සමුළුව අද


ගල්ෆ් ඉන්ටෙලිජන්ස් බලශක්ති සමුළුව පස්වැනි වරටත් අබුඩාබිහි පිහිටි යාස් විසරොයි හෝටලයේදී අද (13දා) පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊට සහභාගී වීමට නියමිතය.

ගල්ෆ් ඉන්ටෙලිජන්ස් බලශක්ති සමුළුව ලෝක බලශක්ති ක්ෂේත්‍රය මුහුණපාන අභියෝග, නව ප්‍රවණතා සහ තාක්‍ෂණික නව්‍යතා පිළිබඳ දැනුම හුවමාරු කරගන්නා ස්ථානයක් වන අතර, මෙවර එහිදී වර්ෂ 2020 දී ඇතිවිය හැකි බලශක්ති ඉල්ලුමට මුහුණදීම සඳහා නව බලශක්ති මූල ආරක්ෂා කිරීම, වර්ෂ 2020 දී ආසියානු කලාපයේ අසීමිත බලශක්ති ඉල්ලුම සහ සීමිත බලශක්තිය, වර්ෂ 2020 දී ජපානය හා ජර්මනිය න්‍යෂ්ටික බලශක්ති උත්පාදනයෙන් මිදී හයිඩ්‍රොකාබන් සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය, වර්ෂ 2020 දී ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ගල්ෆ් කලාපීය තරගකාරීත්වය, බලශක්ති පරිභෝජනයේදී කාන්තාව සහ ඉරානයේ නැවත පැමිණීම හා ගෝලීය බලශක්ති කර්මාන්තය වෙනස්වීම යනාදිය සාකච්ඡාවට බඳුන් කරනු ඇත.

තවද,'2020 දී ආසියානු කලාපයේ අසීමිත බලශක්ති ඉල්ලුම හා සීමාසහිත බලශක්තිය' යන තේමාව යටතේ ප්‍රමුඛ දේශනය ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා විසින් පැවැත්වීමට නියමිතය.



Recommended Articles