ගම සංවර්ධනයට ඉඩම් ප්‍රාග්ධනය හා කාර්මික පුහුණුව ඕනෑ -අමුණුගම


ගම සංවර්ධනය කිරීමට ඉඩම්, ප්‍රාග්ධනය හා කාර්මික පුහුණුව ගැමියන්ට ලබාදිය යුතු බව විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසා සිටියේය.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ කාන්තා සංවර්ධන මහා සංගමයේ 26 වැනි වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපතිවරයා නියෝජනය කරමින් සහභාගී වෙමිනි. මෙය පසුගිය 29 වැනිදා හම්බන්තොට සිංගප්පූරු ප්‍රජා සත්කාරක මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මේ සඳහා හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවල ග්‍රාමීය කාන්තා ස්වෙච්ඡා කාර්ය මණ්ඩල නියෝජිතයන් 5,000ක් පමණ සහභාගී වූහ.

මෙම සම්මේලනයේදී එම සාමාජිකයන්ගේ කුසලතා එළිදැක්වීමත්, වඩාත් කාර්යක්ෂම ලෙස සේවය කළ ස්වේච්ඡා කාර්ය මණ්ඩල දිරිගැන්වීම සඳහා ත්‍යාග, සහතිකපත් හා සම්මාන ප්‍රදානය කිරීමත් අමාත්‍යවරයා අතින් සිදුවිය. මෙම කාන්තා සංවර්ධන සංගමය හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකෙහි දුගී පවුල් 72,000ක්  ආර්ථික හා සාමාජීය වශයෙන් බල ගැන්වීමේ නියැලෙන බව විශේෂ කාර්යභාර අමාත්‍යාංශය පෙන්වා දෙයි.



Recommended Articles