කොටගල ඉපැරණි නගරය නවීකරණයට පියවර


කොටගල ඉපැරණි නගරය නවීන සැලැස්මකට අනුව නවතම අංගයන් හා නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් විසින් සැලසුම් සකස් කර ඇති අතර, එකී ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කිරීම පසුගිය 19 වැනිදා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව, නව නගර සැලැස්ම යටතේ තේ මධ්‍යස්ථානයක්, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ මධ්‍යස්ථානයක්, සාප්පු සංකීර්ණයක්, කුඩා සිනමා ශාලාවක් හා නවීන පහසුකම්වලින් සමන්විත කඩ සාප්පු ඇතුළත්ව එහි ඉදිකිරීම් සිදුකිරීමට නියමිත අතර, ඒ සඳහ ඇස්තමේන්තුගත මුදල රු.මිලියන 1000ක් බවද කියැවෙයි.



Recommended Articles