කුඩා යාත්‍රා අලුත්වැඩියා පහසුකම් ගාලු වරායට


ගාල්ල වරායද සංචාරක කර්මාන්තය පදනම් කරගත් උපාය මාර්ගික සංවර්ධන ප්‍රවේශයක් සඳහා යොමු කරමින්, සියලු ආකාරයේ පහසුකම් සහිත රුවල් යාත්‍රා සඳහා අවශ්‍ය සියලු පහසුකම් ගාල්ල වරාය තුළ ඇති කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කරමින් සිටී.

මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර සංචාරක ආකර්ෂණය ඇතිකර ගැනීම සඳහා ගාල්ල වරාය පරිශ්‍රය තුළ කුඩා යාත්‍රා අලුත්වැඩියා කිරීමේ අංගනයක් සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදුවිය.

මෙම ව්‍යාපෘතිය සඳහා සී ගල්ෆ් පෞද්ගලික සමාගම ආයෝජනය කරන අතර, එහි ආයෝජන වටිනාකම ඇ.ඩො.මිලියන 15ක් බව පැවසෙයි.



Recommended Articles