කිරිපිටි මිල වැඩි කිරීමට රජයෙන් අවසර නෑ - රවි


ආනයනික කිරිපිටි මත වැට් බදු පැනවීම හේතුවෙන් කිරිපිටි මිල කිසිදු අයුරකින් වැඩි නොවන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක වන නව සංශෝධිත වැට් බදු පනත මගින් ආනයනික කිරිපිටි, වැට් බද්දට යටත් කළද, දැනටමත් කිරිපිටි වර්ග සඳහා උපරිම සිල්ලර මිල පාලනයක් නියම කර ඇති බැවින්, කිරිපිටි ග්‍රෑම් 400 ක් සඳහා රු.325/- ක් ද, කිලෝ ග්‍රෑම් එකක් සඳහා රු.810/- ක් ද වන පාලන මිල කිසිදු අයුරකින් වෙනස් නොවන බව  අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.



Recommended Articles