කෑගල්ල විශ්ව කර්ම ශිල්පීන්ට සම්මාන


දේශීය හස්ත කර්මාන්ත යනු මේ රටේ උරුමය බවත්, ජාතික ශිල්ප සභාව මෙම ක්ෂේත්‍රය රැකගැනීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් එම කලාකරුවන් දිරි ගැන්වීමට  “විශ්ව කර්ම” නමින් උපහාර සම්මාන ලබාදීම ගැන සතුටට පත්වන බවත් ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පවසයි. 

ශිල්ප කලාකරුවන් බලගැන්වීමේ දීප ව්‍යාප්ත වැඩසටහන් මාලාවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රවීන ශිල්ප කලාකරුවන් හට “විශ්ව කර්ම” ගෞරව සම්මාන ලබාදීම වෙනුවෙන් ජාතික ශිල්ප සභාව විසින් පසුගියදා කෑගල්ල තැපැල් කාර්යාල ශ්‍රවණාගාරයේ සංවිධානය කර තිබු උත්සව අවස්ථාවේ දී ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රවීන ශිල්ප කලාකරුවන් පස් දෙනෙකු මෙම “විශ්ව කර්ම” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.  මෙම උත්සවයට ශිල්ප කලාකරුවන් විශාල පිරිසක් සහභාගි වූ අතර,  දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ශිල්ප කලාකරුවන් බලගැන්වීමේ වැඩසටහන් මාලාව පැවැත්වීමට ජාතික ශිල්ප සභාව කටයුතු කරමින් සිටියි.

 



Recommended Articles