කාන්තා ව්‍යවසාය සංවර්ධන ඉලක්ක කළ BIMSTEC


බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපය වෙනුවෙන් පෙනී සිටින BIMSTEC සමුළුව පසුගිය 13දා ඉන්දියාවේ, නවදිල්ලි නුවරදී පවත්වා තිබේ.

මෙම සමුළුව සඳහා බංග්ලාදේශය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය, භූතානය, හා නේපාලය යන රටවල් නියෝජනය කර තිබේ.

මෙවර සමුළුවෙහි තේමා පාඨය වී ඇත්තෙ කාන්තා ව්‍යවසායනක්තය සංවර්ධනය කිරීම සඳහා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම යන්නයි.

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේනය 2016 වසරේ ජූලි මාසයේ සිට මෙම සමුළුවෙහි සාමාජිකත්වය දරණ අතර, මෙවර සමුළුව සඳහා සම්මේලනයේ උප සභාපතිනී ෂර්ලි ජයවර්ධන මහත්මිය සහභාගී වී තිබේ.



Recommended Articles