ක්ෂේත්‍ර නිලධාරීන්ට තවත් යතුරුපැදි


රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු මාතලේ දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබාදීම ඊයේ (12දා) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රාජකාරිවල නියුතු නිලධාරීන්ට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළේ 3 වැනි අදියර යටතේ මාතලේ දිස්ත්‍රික් නිලධාරීන් 1,000කට අධික සංඛ්‍යාවකට මෙසේ යතුරු පැදි ප්‍රදානය කෙරිණි.

යතුරුපැදි ප්‍රදානය කිරීම මාතලේ බර්නාඩ් අළුවිහාරේ ක්‍රීඩාංගණයේ දී සිදු කෙරිණි.



Recommended Articles