කත්මණ්ඩු හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය හා වැඩමුළුවට යයි


නේපාලයේ කත්මණ්ඩු නගරයේ දකුණු ආසියා කලාපීය සහයෝගිතා රටවල් අතර මෙම මස 22 සිට 27 දක්වා පැවැත්වෙන සමුළුවට සමගාමීව දැවැන්ත හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයක් සහ වැඩමුළුවක් පැවැත්වෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් හස්ත කර්මාන්ත ශිල්පීන් 8කු ද සහභාගි වන අතර,  විවිධ හස්ත කර්මාන්ත අංශ නියෝජනය වන පරිදි මෙම වැඩමුළුවට එම ශිල්පීන් සහභාගි වනු ඇති බව පැවසෙයි. 

මෙම හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා අදාල ගුවන් ප්‍රවේශ පත්‍ර ජාතික ශිල්ප සභා පරිශ්‍රයේදී  ඔවුන් වෙත ජාතික ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන මහතා අතින් ප්‍රදානය කෙරිණි.



Recommended Articles