ඔරෙක්ස් වෙළෙඳ සංකීර්ණය විවෘත වේ


සණස ව්‍යාපාරය මගින් ඉදිකරන ලද ඒකල සණස ඔරෙක්ස් සිටි වෙළෙඳ සංකීර්ණය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

කඩ කාමර 512කින් සමත්විත මෙම වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීම සඳහා වැයවී ඇති මුදල රු. මිලියන 1200 ක් බව පැවසෙයි.

මෙම අවස්ථාවට අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, බස්නාහිර පළාත් සභා සහ ජාඇල ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක්ද සණස ව්‍යාපාරයේ නායක ආචාර්ය බී.ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු සණස ව්‍යාපාරයේ සාමාජිකයින් විශාල පිරිසක්ද සහභාගී වූහ.



Recommended Articles