ඒවිඒෂන් වොයිස් එළිදැක්වීම සිදුවේ


ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ දැනුවත්වීමේ සම්භාවිතාව අඩු බැවින් එම ගැටළුව මගහරවා ගැනීම සඳහා ස්වේච්ඡා මාධ්‍ය කණ්ඩායමක් විසින් පසුගිය 2013 වසරේ ‘ඒවිඒෂන් වොයිස්’ නමින් වෙබ් අඩවියක් ආරම්භ කරන ලද අතර ඒ සඳහා ලද ප්‍රතිචාර සමග ‘ඒවිඒෂන් වොයිස්’ නමින් සඟරාවක් එළිදැක්වීම පසුගියදා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදුවිය.

ඒවිඒෂන් වොයිස් සඟරාව එළිදැක්වීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසල නියෝජනය කරමින් එහි ප්‍රධාන කළමනාකාර ප්‍රිමාල් ද සිල්වා සහ කළමනාකාර බුද්ධික හේවාවසම් යන මහත්වරුන්ද, ඇස්පයර් ගුවන් පුහුණු පාසලේ ශ්‍රී ලංකා කළමනාකාර කේට් ලෝව් මහත්මියද, ඉන්ෆොටෙක්ස් ආයතනයේ ප්‍රධාන කළමනාකර මිෂෙල් පින්ටෝ මහත්මියද, සයාකි ආයතනයේ සභාපති ධම්මික වික්‍රමරත්න මහතා ඇතුළු තවත් ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වී තිබේ.

මෙම අවස්ථාව සඳහා ගුවන් සේවා ක්ෂේත්‍රය නියෝජනය කරමින් ගුවන් සමාගම්/ ගුවන් පුහුණු පාසල්/ ගුවන් සමාජවල නිලධාරීන් මෙන්ම පාසල් ගුවන් පියාසර සංගම් නියෝජනය කරමින් ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් රැසක් සහභාගී වූ බවද පැවසෙයි.

සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙකම භාවිත කරමින් නිර්මාණය කර ඇති මෙම සඟරාව සෑම මාස දෙකකට වරක් නිකුත් කිරීමට නියමිත බව ඔවුන් පවසයි.

 

 

 



Recommended Articles