උත්සව සමයේදී සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහනක්


පාරිභෝගිකයන් සඳහා උත්සව සමයේදී සහන මිලට පොල් අලෙවි කිරීමට පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය, හලාවත වැවිලි සමාගම, පොල් සංවර්ධන  අධිකාරිය සහ පොල් වගාකිරීමේ මණ්ඩලය එක්ව කටයුතු යොදා ඇති බව පෙන්වා දෙයි.

ඒ අනුව කොළඹ 01, ඩියුක් වීදිය, අංක 11 දරන තැන පිහිටි හලාවත වැවිලි සමාගම, නාරාහේන්පිට නාවල පාරේ පිහිටි පොල් සංවර්ධන අධිකාරිය සහ බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ස්ථාපිත කර ඇති විශේෂ වෙළෙඳ කුටි තුළින් සහනදායී මිලට පොල් ලබාගත හැකි බව පැවසෙයි.

ඒ අනුව මෙහි අලෙවි වන පොල් ගෙඩියක උපරිම මිල රැ.45/- කි. ජනවාරි මස මැද භාගය තෙක් මෙම අලෙවිසැල් හරහා මිලදී ගැනීම් සිදුකළ හැකි බව වැඩිදුරටත් පැවසෙයි.



Recommended Articles