උක් ගොවීන් 20කට ඉන්දියාවේ අධ්‍යාපනය


සීනි කර්මාන්ත ශාලාවලට වැඩිම අස්වැන්නක් ලබාදී ඉහළ ආදායමක් ලැබූ උක් ගොවීන් 20 දෙනෙකුට ඉන්දියාවේ දින 8ක වැඩමුළුවක් හා අධ්‍යාපන චාරිකාවක් ලබාදී තිබේ.

සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ලංකා සීනි සමාගම මගින් පාලනය වන පැල්වත්ත හා සෙවනගල සීනි කර්මාන්ත ශාලාවලට වැඩිම අස්වැන්නක් ලබාදී ඉහළ ආදායමක් ලැබූ සහ උක් වගාව පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන ගොවීන් 20 දෙනෙකු සම්මුඛ පරික්ෂණයක් මගින් තෝරාගෙන ඔවුන්ට ඉන්දියාවේදී මෙසේ දින 8ක වැඩමුළුවක් සහ උක් වගාව පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා තෝරාගෙන තිබේ.

සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් සෙනවිරත්න මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට බලා පොරොත්තු වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 



Recommended Articles