ඉ-ස්වාභිමානී 2014 ඉ-සමාජ විශිෂ්ටතා සම්මාන ප්‍රදානය සඳහා නාම 250කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.
ඉ-රාජ්‍ය හා ආයතනයන්, ඉ-අධ්‍යාපන හා ඉගෙනුම්, ඉ-සංස්කෘතිය හා උරුමයන්, ඉ-වාණිජ්‍ය හා ව්‍යාපාර, ඉ-සෞඛ්‍ය හා පරිසරය, ඉ-විනෝදාංග හා ක්‍රීඩා, ඉ-විද්‍යා හා තාක්ෂණ, ඉ-අන්තර්ග්‍රහණය හා සහභාගීත්වය, ජංගම අන්තර්ගතයන් (m-අන්තර්ගතයන්) යන ක්‍ෂේත්‍ර යටතේ මේ සඳහා අයදුම්පත් කැඳවූ බව නියෝජිතායතනය පවසයි.
මෙම ලැබී තිබෙන අයදුම්පත් දේශීය හා ජාත්‍යන්තර ප්‍රවීණ විනිසුරු මඬුල්ලක් හමුවේ විනිශ්චයට ලක්කිරීම ඉදිරි සති කිහිපය තුලදී සිදුකෙරේ.