ඉන්ධන කාර්යක්ෂමතාව - ශ්‍රී ලංකන් 8 වැනි ස්ථානයට


ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA - International Air Transport Association) ශ්‍රේණිගත කිරීම අනුව ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ මට්ටමක පවත්වාගෙන යන ගෝලීය ගුවන් සේවා 51 අතරින් 8 වැනි ස්ථානය දිනාගැනීමට සමත්ව තිබේ.

පසුගිය මාස 22ක කාලය තුළ ඉන්ධන දහනය අඩුකිරීම සඳහා ඉන්ධන කාර්යක්ෂමතාව සහ අරපිරිමැස්ම වෙනුවෙන් ගුවන් සමාගම විසින් දියත් කරනලද මෙහිදී ඇගයීමට ලක්ව තිබේ.

ඒ අනුව, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) 2016 වසරේ ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකන් 8 වැනි ස්ථානයට පත්කරමින් 34.86Ltr/100RTK (liters per 100 revenue ton kilometers) කාර්යක්ෂමතාවක් පවත්වා ඇති අතර, 2016 වසර සඳහා IATA හි ඉලක්කය වී ඇත්තේ 35.26Ltr/100RTK යන්නයි.



Recommended Articles