ඉන්දීය ආර්ථික සමුළුව 4 වැනිදා ඇරඹෙයි


ලෝක ආර්ථික සංවිධානය  සහ ඉන්දියා කර්මාන්ත ෆෙඩරේෂනය  සංවිධානය කරන ආර්ථික සමුළුවක් නොවැම්බර් 4 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වන අතර, මෙහි ගෞරවනීය ආරාධිතයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊට සහභාගි වෙයි.

මෙම ආර්ථික සමුළුව නොවැම්බර් 4 සිට 6 වැනිදා දක්වා දිල්ලි නගරයේදී පැවැත්වෙන අතර, මෙහි තේමාව වී ඇත්තේ “රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහභාගිත්වයට නව  ඇරඹුමක්” යන්නය.

මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ්‍ය නියෝජනය  කරමින්  700 කට වඩා ඉහළ පෙළේ ජ්‍යත්‍යන්තර නියෝජිත පිරිසක්  සහභාගී වීමට නියමිත අතර, මෙහිදි  ආචාර්ය  අමුණුගම  මහතා විශේෂ  දේශනයක්  පවත්වයි. 

 



Recommended Articles