ඉන්දියානු රජය එවූ තෙවැනි සහනාධාර නැවත් එයි


ඉන්දියානු රජය එවනු ලැබූ තෙවැනි සහනාධාර නෞකාව ලෙස ඉන්දියාවේ ජලාශ්වා නෞකාව අද (30දා) කොළඹ වරායට පැමිණ තිබුණි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සිංධුර් මහතා විසින් මෙම සහනාධාර තොගය විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතාට නිල වශයෙන් භාර දෙනු ලැබීය.

මෙම නෞකාවෙන් වියලි අහාර ද්‍රව්‍ය, පානිය ජලය අවතැන්වුවන් ගලවා ගැනීම සඳහා වන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර ගෙනවිත් තිබුණි.

එමෙන්ම, මෙම නෞකාවෙන් ජංගම රෝහලක් විශේෂ වෛද්‍ය කණ්ඩායමක්, ඉහළ පුහුණුව ලත් කිමිඳුම්කරුවන් කණ්ඩායමක්ද ශ්‍රී ලංකාවට ඒවා ඇති අතර, හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා හෙලිකොප්ටර් යානා දෙකක්ද ඒ අතර වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.



Recommended Articles