ඉන්ද්‍රා ෆයිනෑන්ස් ලිමිටඩ් කොමර්ෂල් බැංකුව වෙත


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන මූල්‍ය අංශයේ ඒකාබද්ධ කිරීම් සැලසුම්වල පළමු වැනි ගනුදෙනුවක් ලෙස ඉන්ද්‍රා ෆයිනෑන්ස් ලිමිටඩ් හි 100% ක කොටස් අයිතියක් අත්පත් කර ගැනීමට කොමර්ෂල් බැංකුව පසුගිය 01 වැනිදා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී ගිවිසුමකට එළැඹ ඇති බව පැවසෙයි.

මෙම අත්පත් කරගැනීම තුළින් කොමර්ෂල් බැංකුවේ කල්බදු මෙහෙයුම් ශක්තිමත් වීම සිදු වන බවත්, මෝටර් රථ වාහන ආනයනය හා කල්බදු  ව්‍යාපාරයේ ශක්තිමත් සමාගමක් වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් හි ගනුදෙනුකරුවන්ට අඩු පොලී ප්‍රතිමූල්‍ය සේවා අවස්ථා සැලසීමට හැකි වන බවත් බැංකුව සඳහන් කරයි.

1969 ස්ථාපිත කර ඇති කොමර්ෂල් බැංකුව මෙරට විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව හා ලොව හොඳම බැංකු 1,000 අතරට අඛණ්ඩව සිව්වරක් තේරී පත්වූ එකම ශ්‍රී ලාංකීය බැංකුව බව පවසයි. එමෙන්ම, මෙරට පෞද්ගලික අංශයේ වටිනාම වෙළෙඳ සන්නාමය ලෙස 2014 වසරේදී කොමර්ෂල් බැංකුව නම් කෙරිණි.

ඉන්ද්‍රා ෆයිනෑන්ස් ලිමිටඩ් 1987 දී ආරම්භ වූ අතර, 2007 දී විශේෂිත කල්බදු සමාගමක් ලෙස ලියාපදිංචි වූ එම සමාගම 2013 වසරේදී බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමක් බවට පත්විය. සමාගමේ ප්‍රධානතම කාර්යයන් වන්නේ කල්බදු පහසුකම් සැලසීම, කුලී ගැනුම්, උකස් ණය හා අනෙකුත් ණය පහසුකම් සැපයීම බව පවසයි.



Recommended Articles