ඉදිකිරීම් කර්මාන්තයේ ශිල්පීන්ට විශ්‍රාම වැටුපක්


ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ශිල්පීන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබන වසරේදී ආරම්භ කරන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේය.

මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් ප්‍රදර්ශනයක් වන Construction Expo ප්‍රදර්ශනය ලබන වසරේ ජුනි මස 12,13 සහ 14 යන තෙදින පුරා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීම වෙනුවෙන් කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් අඛණ්ඩව සිව් වැනි වරට මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

 



Recommended Articles