ඉදිකිරීම් ආයෝජකයන්ට මාලදිවයිනේ අවස්ථාවක්


ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයෝජකයන්ට මාලදිවයිනේ ඉදිකිරීම් අවස්ථා ලබාදීමට මාලදිවයින් රාජ්‍ය එකඟත්වය පළ කර ඇති බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය පවසයි.

මාලදිවයිනේ නිවාස අමාත්‍ය මොහොමඩ් මුයිසු සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරු අතර දකුණු කොරියාවේ සෝල් නුවරදී ඊයේ (04දා) දින පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණ අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාව මේ වනවිට ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බවත්, ඒ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතනවලට මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ සිටින පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට මාලදිවයින තුළ ඉදිකිරීම් සඳහා අවස්ථා ලබාදෙන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමට එකඟත්වය පල කළ මාලදිවයිනේ නිවාස අමාත්‍යවරයා ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පවසා ඇති බව අමාත්‍යාංශය කියයි.

 



Recommended Articles