ඇසියා - පැසිෆික් වෙළෙඳ හා ආයෝජන කමිටුවේ 04 වැනි සැසිවාරය පැවැත්වේ


ආසියා පැසිෆික් සමාජ ආර්ථික කොමිසමේ වෙළෙඳ හා ආයෝජන කමිටුවේ 04 වැනි සැසිවාරය පසුගියදා තායිලන්තයේ, බැංකොක් නුවරදී පැවැත්විණි.

එම කොමිසමේ විශේෂ ආරාධනයක් සහිතව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊට සහභාගි වූ අතර, ඔහු එම සම්මේලනයේ විද්වත් මණ්ඩලයේ සාමාජිකයන් පස්දෙනාගෙන් අයෙකු ලෙසද කටයුතු කර තිබුණි.

එහිදී, අමාත්‍යවරයා වෙත 2015 ආසියා - පැසිෆික් වෙළෙඳ සහ ආයෝජන වාර්තාව පිළිගැන්වුණි.



Recommended Articles