ආසියානු ශාන්තිකර කලාපයේ සමූපකාර සංවර්ධන සමුළුවෙන්


ආසියානු ශාන්තිකර කලාපයේ සමූපකාර සංවර්ධන සමුළුව තුළින් සමූපකාර ව්‍යාපාරය සංවර්ධනය කළ යුත්තේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය ගෝලීය ඉලක්ක 17 කේන්ද්‍ර කරගෙන බවත්, එවිට විවෘත වෙළෙඳ පොළ ආර්ථිකය තුළ සමූපකාර ව්‍යාපාරයට බලපාන අභියෝග ජයගත හැකි බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.

'තිරසාර සංවර්ධනයට විවිධ සහයෝගී පාර්ශ්වයන්ගේ හවුල් ව්‍යාපාර ගොඩනගමු' යන්න තේමා කර ගනිමින් පසුගිය 27දා කොළඹ ගලධාරී හෝටලයේ පැවති 'ආසියානු ශාන්තිකර කලාපයේ සමූපකාර සංවර්ධන සමුළුවේ' ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මෙම සමුළුව යුරෝපීය සංගමයේ සහ ආසියානු ශාන්තිකර කලාපයේ ජාත්‍යන්තර සමූපකාර සංවිධානයේ සහයෝගයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සමග ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලය, සණස ව්‍යාපාරය, ජාතික සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබුණි. මෙම සමුළුවට ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 32ක් නියෝජනය කරමින් එහි රාජ්‍ය නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙම සමුඑව ඊයේ (28දා) අවසන් විය.

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය ආරම්භ වන්නේ මීට වසර 112කට පෙර වර්ෂ 1906  දීය. මේ වනවිට ශ්‍රී ලංකාවේ සමූපකාර සමිති 14,500ක් රට පුරාම ගම් නියම්ගම් සිසාරා විහීදී පැතිරී පවතී. මෙම සමූපකාර ව්‍යාපාරයේ සාමාජිකත්වය මේ වනවිට මිලියන 05ක් ඉක්මවා තිබේ.

මෙම අවස්ථාවට කිර්ගීස් ජනරජයේ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඩෙනෙයර් ඉනනාලියර්, ආසියානු ශාන්තිකර කලාපීය ජාත්‍යන්තර සමූපකාර සංධානයේ උප සභාපති ආචාර්ය සී.පී.සිං යාදේව්, ආසියානු ශාන්තිකර කලාපීය ජාත්‍යන්තර සමූපකාර සංධානයේ කලාපීය අධ්‍යක්ෂ බාලු අයියර්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති ලලිත් ඒ. පීරිස්, සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ සමූපකාර සමිති රෙජිස්ට්‍රාර් එස්.යූ.නසීර් යන මහත්වරුන් සහභාගී වූහ.

7M8A6323



Recommended Articles