ආර්ථික සංවර්ධන ලේකම්ට සෞඛ්‍ය අමාත්‍යාංශ උපහාර


සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිට පසුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාරගත් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සමුගැනීම නිමිත්තෙන් උපහාර උලෙළක් පසුගියදා පැවැත්විණි.

සෞඛ්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ මෙම උත්සවය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති අතර, වෛද්‍යවරකු ලෙස සෞඛ්‍ය සේවයට එක් වී ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, සෞඛ්‍ය සේවා අමාත්‍යාංශ අතිරේක ලේකම් සහ සෞඛ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ධුරය දක්වා පැමිණ ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයට මහත් සේවාවක් සිදුකළ වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට උපහාර තිළින පිරිනැමීමද මෙහිදි සිදු විය.



Recommended Articles