ආර්ථික සංවර්ධන නව ලේකම් වැඩභාරගනී


ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත්කළ වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඊයේ (29දා) සිය ධුරයේ වැඩ භාරගත්තේය.

වෛද්‍ය නිහාල් ජයතිලක දශකයකට අධික කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් සේවය කළ අතර 2010 පළාත් පාලන සහ පළාත් සභා අමාතාංශයේ ලේකම් ධුරයට පත්විය. අනතුරුව 2012 වසරේ සිට මේ දක්වා සෞඛ්‍ය අමාතාංශයේ ලේකම් ධුරයේ කටයුතු කළේය.

මෙම අවස්ථාවට උද්භිද උද්‍යාන හා පොදු විනෝද කටයුතු අමාත්‍යයේ ලේකම් ආචාර්ය විලී ගමගේ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන හේමා ධර්මවර්ධන, ශාන්ත බණ්ඩාර සහ ප්‍රියන්ත මායාදුන්නේ ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.



Recommended Articles