ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය අරඹයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන වෙළෙඳ පොළක් වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ඇති ද්විපාර්ශ්වීය ආර්ථික සහ ව්‍යාපාරික සම්බන්ධතාව තවදුරටත් තරකර ගැනීමට ඉවහල් වන වැදගත් සාකච්ඡා වට කිහිපයක් එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා (ඔක්. 30 දා) වොෂින්ටනයේදී පවත්වා තිබේ.

මෙක්සිකෝ සිටි හිදී, පැවති 2015 විවෘත රාජ්‍ය සහයෝගීතා ගෝලීය සමුළුව සඳහා සහභාගී වීමෙන් අනතුරුව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වොෂින්ටනයට පැමිණියේ %ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය^ (Economic Diplomacy ) වෙනුවෙනි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඇමරිකානු සංචාරයේදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ, භාණ්ඩාර දෙපාර්තමේන්තුවේ, වාණිජ දෙපාර්තමේන්තුවේ, මිලේනියම් චැලේන්ජ් කොපරේෂන්හි (MCC) මෙන්ම ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මුණ ගැසී සාකච්ඡා සිදුකර තිබේ.



Recommended Articles