ආර්ථික මධ්‍යස්ථාන වෙත නොමිලේ වයිෆයි


නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීමේ වයිෆයි කලාප 1,000ක් දිවයින පුරා ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ වෙළෙඳ මධ්‍යස්ථාන සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

ඒ අනුව, දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සඳහා මෙම අන්තර්ජාල පහසුකම් ලබාදීම‍ට නියමිත බවත්, නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානය, මරදාන ට්‍රිපෝලි වෙළෙඳ මධ්‍යස්ථානය සහ කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය සඳහා දැනටමත් එම පහසුකම් ලබාදී අවසන් බවද නියෝජිතායතනය පවසයි. එමෙන්ම, ඉදිරි දින කිහිපය තුළදී බේරුවල පට්ටකඩේ මැණික් පොළ සඳහා ද මෙම පහසුකම් ලබා දීමට නියමිත බව නියෝජිතායතනය පවසයි.



Recommended Articles