ආයෝජන මණ්ඩලයේ කටයුතු සමාලෝචනය කරයි


කඩිනම් ව්‍යාපෘති, නිදහස් වෙළෙඳ ගිවිසුම් ශක්තිමත් කිරීම, ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහත්වරු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පසුගියදා හමුවිය.

මෙහිදී ආයෝජන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් ආයෝජන මණ්ඩලයේ මානව සම්පත් හා කාර්ය සාධනය මෙන්ම විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ රැකියා උත්පාදනය පිළිබඳවද අමාත්‍යවරුන් දෙපළ දැනුවම්වත් කර තිබේ.



Recommended Articles