ආයෝජන මණ්ඩලයට ගිනි නිවන රථ 5ක්


ජපන් රජය හා ශ්‍රී ලංකාව අතර පවතින මිතුදම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ගිනි නිවන රථ 5ක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පරිත්‍යාග කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව, එළැඹෙන නොවැම්බර් 9 වැනිදා කටුනායක අපනයන සැකසුම් කලාපයේදී මෙම නිල උත්සවය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති නොබුහිතෝ හොබො මහතා අතින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වෙත මෙම ගිනි නිවන රථවල යතුරු භාරදීම සිදුකෙරෙනු ඇත.

 



Recommended Articles