දේශීය හා විදේශීය ආයෝජකයන් අතර කොළඹ කොටස් වෙළෙඳ පොළ පිළිබඳ ඇති විශ්වාසය පසුගිය මාස කිහිපය තුළදී කොටස් වෙළෙඳ පොළ ලබා ඇති ප්‍රගතිය තුළින් මනාව පිළිබිඹු වන බව එහි සභාපති වජිර කුලපති මහතා පැවසීය.
ඉතා මැනවින් නියාමනය කරන තරගකාරී වෙළෙඳ පොළක් තුළින් දැනුම්වත් ආයෝජකයන් හා අගය වැඩි සමාගම් කොළඹ කොටස් වෙළෙඳ පොළට ආකර්ෂණය කරගැනීමට කොටස් වෙළෙඳ පොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව කටයුතු කර ඇති බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය පසුගිය 10 වැනිදා සිය ඉතිහාසය තුළ ප්‍රථම වරට රු.ට්‍රිලියන 3 ඉක්මවා ගිය අතර, ඊට පසු දින (11දා) ගනුදෙනු අවසාන වනවිට කොළඹ කොටස් වෙළෙඳ පොළ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් S & P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 4,000 සීමාව පසුකරමින් ඒකක 4013.18 ලෙස සමාප්තිය සනිටුහන් කර කළේය.