ආපදා ප්‍රදේශවලට සතොස ජංගම ලොරි රථ යෙදවීමක්


ගංවතුර හා නායයෑම් ආපදා තත්ත්වය හමුවේ සිල්ලර අලෙවි සැල් සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත්ව ඇති ප්‍රදේශ වෙත සතොස ජංගම ලොරි රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට සතොස කටයුතු කරන බව සභාපති එම.කේ.බී. තෙන්නකොන් මහතා පවසා තිබේ.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම අනුව වෙනත් පහසුකම්ද සැපයෙන බවත්, එකී ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල ආහාර අවශ්‍යතා හඳුනාගෙන ව්‍යාපාර යළිත් ආරම්භ කරන තෙක් අතශ්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට සතොස පියවර ගන්නා බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

මෙවර ගංවතුර තත්ත්වය හේතුවෙන් සතොස අලෙවි සැල් 5කටද හානි සිදුවී ඇති අතර, එකී භාණ්ඩ අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක අලුත් භාණ්ඩ සැපයීමෙන් පසුව එම අලෙවිසැල් යළි විවෘත කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.



Recommended Articles