ගංවතුර සහ නායයෑම්වලින් හේතුවෙන් ආපදාවට පත්ව අවතැන් වූ ජනතාව වෙනුවෙන් රජය විසින් තවදුරටත් රු.මිලියන 166ක් එම දිස්ත්‍රික්ක වෙත ලබාදී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මෙම මුදල් දිස්ත්‍රික් මහලේකම්වරයගේ සෘජු අධීක්ෂණය යතේ ප්‍රාදේශීය ලේකම්වරු විසින් විපතට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සැපරීම වෙනුවෙන් වැයකරනු ලබන බවත්, ප්‍රාදේශීය වශයෙන් අවශ්‍යතා සොයාබැලීම සහ ආපදා සහන සේවා සම්බන්ධීකරණය ආපදා සහන සේවා නිළධාරීන් විසින් සිදුකෙරෙන බවත් පැවසෙයි.
කඳවුරුවල හා තම නිවෙස්වල හෝ ඥාති නිවෙස්වල ජීවත්වන විපතට පත් ජනතාවට අවශ්‍ය පිසූ අහාර වියළි ආහර ලබාදීම සනීපාරක්ෂක ද්‍රව්‍ය, ළදරු ආහාර සහ කිරිපිටි ඇතුළු විපතට පත් ජනතාවගේ මූලික අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් මේ දක්වා මෙම මුදල් වැය කරන ලද බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය පවසයි. තවදුරටත් අවශ්‍ය මුදල් වෙන් කිරීම අපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සිදු කරයි.
එසේම හානියට පත් කිසියම් අයෙකුට රජය මගින් ලබාදෙන සහන නොලැබේ නම් ග්‍රාම නිළධාරීවරයාගේ නිර්දේශ සහ අදාළ ප්‍රාදේශීය ලේකම්තුමාගේ අනුමැතියෙන් දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කරන ලෙසත් යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය වෙත යොමු කරන ලෙසත් ඉල්ලා සිටියි.
එසේම චීනය, ඉන්දියාව, පාකිස්ථානය ජපානය යන රටවලින් මේවන විටත් ආධාර ලංකාවට ලැබී ඇති අතර මානුෂීය ආධාර සපයන ජාත්‍යන්තර සංවිධාන විසින් රජයට විවිධ ආධාර ලබාදී ඇති අතර, මේ සියලු අධාර විපතට පත් ජනතාවට ලබාදීමට කටයුතු කෙරෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.