ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් කඩිනම් ආධාරයක් ලෙස ඔස්.ඩො.ලක්ෂ 5ක (රු.මිලියන 57ක පමණ) පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කර තිබේ.
ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් පවසා සිටියේ ගංවතුර හා නායයෑම්වලින් හානියට පත් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවශ්‍ය මානුෂීය සහාය ලබාදීමට ඔස්ට්‍රේලියාව කටයුතු කරන බවයි.
ඒ අනුව, ඩිංගි බෝට්ටු, ගලවාගැනීමේ හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අවැසි උපකරණ, දරුවන්ට ආරක්ෂිත ස්ථාන සැකසීම, කාන්තාවන්ට හා ගැහැණු දරුවන් වෙනුවෙන් විශේෂ වෛද්‍ය සේවා සැපයීම ආදියට ඔස්ට්‍රේලියානු රජයේ සහාය හිමිවන බවද අමාත්‍යවරිය කියයි.
එමෙන්ම, මේ තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් වඩාත් උනන්දුවෙන් බලා සිටිමින්, තවදුරටත් අවශ්‍ය ආධාර හා සහාය ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය ඉදිරිපත් වන බවද ඇය කියා සිටියි.