අර්තාපල් - ලොකු ලූනු හා වියළි මිරිස් සහතික මිලකට ලබාදීම ඇරඹේ


දේශීය අර්තාපල්, ලොකු ලූනු හා වියළි මිරිස් නිෂ්පාදන සඳහා සහතික මිල ක්‍රමයක් හඳුන්වාදීම තුළින් ගොවීන්ගේ නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් ලබාදීමේ වැඩපිළිවෙළක් ඇරඹෙයි.

ඒ අනුව, යෝජිත සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කරමින් අර්තාපල් ගොවීන් හා ලක් සතොස ආයතන අතර ඉදිරි වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28දා) දින මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සහතික මිල ක්‍රමය යටතේ අර්තාපල් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.80/- ක සහතික මිලක්ද, ලොකු ලූනු කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.60/- ක සහතික මිලක්ද, වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.350/- ක සහතික මිලක්ද ගොවීන්ට ලැබෙයි.

එමෙන්ම, බීජ අර්තාපල් හා ලොකු ලූණු බීජ නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් බීජ අර්තාපල් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.160/- ක සහතික මිලක්ද, ලොකු ලූනු බීජ කිලෝ ග්‍රෑම් 1ක් සඳහා රු.12,000/- ක සහතික මිලක්ද ලබාදීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.



Recommended Articles