අපි සංඛ්‍යාලේඛන සමග විජ්ජා කරන්නේ නෑ - ජනලේඛනය


දළ දේශීය නිෂ්පාදිතය, උද්ධමනය, ආර්ථික වර්ධනය වැනි ජාතික ගිණුම් පිළිබඳ සංඛ්‍යාති ඇස්තමේන්තුගත කිරීමේදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කිසිදු විජ්ජාවක් නොකරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන මහතා  පවසා සිටියේය.

ඊයේ (22දා) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වශයෙන් අපි මෙරටට අවශ්‍ය සේවා සැපයුමක් සිදු කරනවා. අවශ්‍යතාවට අවශ්‍ය තොරතුරු ලබාදෙනවා. දෙපාර්තමේන්තුව තුළ සිටින උගත් පිරිස් තාක්ෂණික ක්‍රමවේද සමග තම කාර්යයේ යෙදෙනවා. බොහෝ දෙනාට ඒ පිළිබඳ අවබෝධයක් නැති නිසා සංඛ්‍යාලේඛන පිළිබඳ විවිධ මත පළකරනවා. අපි කිසි විටෙක ජාතික ගිණුම් සංඛාති ඇස්තමේන්තු කිරීමේදී විජ්ජා කරන්නේ නැහැ" යනුවෙන් සඳහන් කර සිටියේය.



Recommended Articles