රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලට රු.මිලියන 4.5ක මුදලක් ලබාදීමට ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.
ඊට අදාළ චෙක්පත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ලුතිතන් කර්නල් (විශ්‍රාමික) ප්‍රසන්න වික්‍රමසූරිය මහතා විසින් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (09දා) භාරදෙන ලදී.
මේ අවස්ථාවට ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී අයෝමා රාජපක්ෂ මහත්මිය හා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෝ පිරිසක්ද එක්ව සිටියහ.