අපනයන සංවර්ධනයේ මුල් පුටුවට කාන්තාවක්


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරිය ලෙස, ඉන්දිරා මල්වත්ත මහත්මිය අද (29දා) එම මණ්ඩලයේදී සිය රාජකාරි කටයුතු භාරගනු ලැබුවාය.

මල්වත්ත මහත්මිය, විශාඛා විද්‍යාලයේ හා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්ද වන අතර, ලෝක බැංකුව හා ජිනීවා හි ජාත්‍යන්තර වෙළඳ කොමිසම මෙන්ම ජෙට්රෝ වැනි ආයතන මෙරට රජය සමඟ ක්‍රියාත්මක කළ අපනයන ව්‍යාපෘති වල ව්‍යාපෘති සම්බන්ධීකාරක වරියක් මෙන්ම උපදේශිකාවක් ලෙසද මීට ඉහත සේවය කළාය.



Recommended Articles