රු.මිලියන 224ක වියදමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දැඩි දුෂ්කරතා පවතින මහවිලච්චිය, කැබිතිගොල්ලෑව, නොච්චියාගම හා හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසෙයි.
මේ පිළිබඳ ව විශේෂ සාකච්ඡාවක් පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබුණි.
අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධනය කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ජාත්‍යන්තර සංවිධාන සමග ඒකාබද්ධ වෙමින් විශේෂ ව්‍යාපෘති රැසක් ආරම්භ කොට ඇති බවත්, මෙම ව්‍යාපෘති ලෝක ආහාර හා කෘෂිකාර්මික සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල හා යුනෙස්කෝ සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබන බවත් පැවසෙයි. මෙහිදී දිස්ත්‍රික් සංවර්ධනයට සහයවීම සඳහා ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය වන පරිදි වැඩසටහන් සකස් කර ඇති බවද පෙන්වා දෙයි.
අගතියට පත් ජනතාවගේ දිළිඳු බව අඩු කිරීම හා යටිකතල පහසුකම් සංවර්ධනය මෙම ව්‍යාපෘති මාලාවේ මුලික අරමුණ බව පෙන්වා දෙයි. ඒ යටතේ ආදායම් මට්ටම වැඩිකිරීම, නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කුඩා ප්‍රමාණයේ නිෂ්පාදන, ප්‍රාදේශීය ඵලදායිතා ක්‍රියාකාරකම්, මධ්‍ය පරිමාණ යටිතල පහසුකම් ආදිය නැංවීමට මුලික අවධානය යොමුකර ඇති අතර, මේ අනුව, අධ්‍යාපන, සෞඛ්‍ය, ළමා, ජල ආදි ක්ෂේත්‍රවල ඉහළ වර්ධනයක් සිදුවනු ඇති බවද පෙන්වා දෙයි. එමෙන්ම, 2017 වසරේදී සමස්ත ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නිමා කරන බවද පෙන්වා දෙයි.