අනුරාධපුර-ත්‍රිකුණාමල මාර්ග ජනතා අයිතියට


පුත්තලම සිට ත්‍රිකුණාමලය දක්වා දිවෙන A-12 මාර්ගයේ රු.මිලියන 9,500ක වියදමින් සංවර්ධනය කරන ද අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය දක්වා වූ මාර්ගය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (23දා) ජනතා අයිතියට පත් කෙරිණි.

අමාත්‍යවරුන් වන එස්.එම්. චන්ද්‍රෙස්න, තිස්ස කරලියද්ද, විමල් වීරවංශ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඩබ්.බී.ඒකනායක, එස්.සී.මුතුකුමාරණ, වීරකුමාර දිසානායක, පා.ම. ෂෙශාන් සේමසිංහ, පළාත් අමාත්‍යවරුන් වන එච්.බී.සේමසිංහ, පුංචි බණ්ඩා රත්නායක, කේ.එච්.චන්ද්‍රසේන යන මහත්වරුන්ද, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ප්‍රේමසිරි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles