අන්තර්ජාලය හරහා ගෙවූ බදු මුදල් ලක්ෂ 16 ඉක්මවයි


කොළඹ මහ නගර සභාව සිය වරිපනම් බදු මුදල් අන්තර්ජාලය මගින් ගෙවීමේ සේවාව ජනතාවට  හඳුන්වාදීමත් සමග, මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ ගෙවා තිබෙන වරිපනම් බදු මුදල් රුපියල් ලක්ෂ දහසය (16) ඉක්මවා තිබේ.

මෙම සේවාව හඳුන්වාදී ගතවූ දින 20 ක කාලයකදී එම සේවාව ලබාගෙන ඇති පිරිස 200 ඉක්මවා ඇතැයි ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.



Recommended Articles